Thursday, February 23, 2012

අපි කිසිදා හමු නොවුනා නම් ... ( 2 )




වෙනද වගේ අදත් උදෙන්ම නැගිට්ටට මොකද දවස මතක් වෙනකොටත් ඇඟ් පතට දැවිල්ල අල්ලනව. ත්‍රීවීල් කබල එක්ක දවසක් ඔට්ටු වෙනව කියන්නෙ පොඩි දෙයක් නෙමෙයි... ම්ම්ම්ම් ... එත් ජීවත් වෙන්නත් දෙයක් කරන්න එපැයි, එහෙව් එකේ මී වැඩේ නරකමත් නෑ කියලා මාමා කියපු කතාවත් ඇත්ත.. අද ටිකක් වැඩියෙන් කස්ටමර්ස්ලා හම්බුනොත් හොඳයි එහෙම නැත්තම් තමයි අවුල... මම කල්පනා කර කර ඉන්නව දැකලද කොහෙද අම්ම මේ පැත්තට එනව. ' පුතා යන්නෙ නැද්ද අද , කෝ තාම ලෑස්ති වෙලත් නෑ නේද අහ් "
"යනවා අම්මේ කෝ තේ එක දීල අම්මගෙ වැඩක් කරගන්න මන් දැන් යනව " ත්‍රීවීල් එක ස්ටාර්ට් කරල හා හා පුරා කියල පාරට දාන්න හදනකොට වීල එක ඉස්සරහට හම්බුනේ ගෑනු පරානයක්..... අප්පේ දශමෙන් බේරුනේ වදින්නෙ නැතුව , රොස පාට ගවුමක් ඇඳගෙන කලු කුඩයක් අරගෙන කන්දෙකේ ඉයර්පෝන් දෙකත් ගහගෙන මෙලෝ කල්පනාවකින් නෙමෙයි වගේ පාරෙ යන්නෙ, " හලෝ මිස් කොහෙද යන්නේ ? තව ටිකකින් හැප්පෙනව නේද?" මන් හිතට ආපු තරහ කෝම හරි පාලනය කරගෙන ප්‍රශ්න කලේ හැප්පෙන එක ප්‍රශ්නයක් නොවුනත් 
පස්සේ වන්දි ගෙවන්න වෙන්නෙත් මටම නිස ටිකක් සැර නොකර යවන එක හරි නැහැයි කියල මට හිතුනා 

No comments:

Post a Comment

About Me

My Photo
W.A.D. Joel Lennon
සරල ජීවිතයට විරල ලෙස ආදරය කරන්නෙක් ... හැම දේම ඔන්ලයින් වෙන කාලෙක හුදෙකලාව රසවිඳින්නෙක් ..
View my complete profile
free counters