Blog Archive
My Blog List
Thursday, February 23, 2012
අපි කිසිදා හමු නොවුනා නම් ... ( 2 )
වෙනද වගේ අදත් උදෙන්ම නැගිට්ටට මොකද දවස මතක් වෙනකොටත් ඇඟ් පතට දැවිල්ල අල්ලනව. ත්‍රීවීල් කබල එක්ක දවසක් ඔට්ටු වෙනව කියන්නෙ පොඩි දෙයක් නෙමෙයි... ම්ම්ම්ම් ... එත් ජීවත් වෙන්නත් දෙයක් කරන්න එපැයි, එහෙව් එකේ මී වැඩේ නරකමත් නෑ කියලා මාමා කියපු කතාවත් ඇත්ත.. අද ටිකක් වැඩියෙන් කස්ටමර්ස්ලා හම්බුනොත් හොඳයි එහෙම නැත්තම් තමයි අවුල... මම කල්පනා කර කර ඉන්නව දැකලද කොහෙද අම්ම මේ පැත්තට එනව. ' පුතා යන්නෙ නැද්ද අද , කෝ තාම ලෑස්ති වෙලත් නෑ නේද අහ් "
"යනවා අම්මේ කෝ තේ එක දීල අම්මගෙ වැඩක් කරගන්න මන් දැන් යනව " ත්‍රීවීල් එක ස්ටාර්ට් කරල හා හා පුරා කියල පාරට දාන්න හදනකොට වීල එක ඉස්සරහට හම්බුනේ ගෑනු පරානයක්..... අප්පේ දශමෙන් බේරුනේ වදින්නෙ නැතුව , රොස පාට ගවුමක් ඇඳගෙන කලු කුඩයක් අරගෙන කන්දෙකේ ඉයර්පෝන් දෙකත් ගහගෙන මෙලෝ කල්පනාවකින් නෙමෙයි වගේ පාරෙ යන්නෙ, " හලෝ මිස් කොහෙද යන්නේ ? තව ටිකකින් හැප්පෙනව නේද?" මන් හිතට ආපු තරහ කෝම හරි පාලනය කරගෙන ප්‍රශ්න කලේ හැප්පෙන එක ප්‍රශ්නයක් නොවුනත්
පස්සේ වන්දි ගෙවන්න වෙන්නෙත් මටම නිස ටිකක් සැර නොකර යවන එක හරි නැහැයි කියල මට හිතුනා
Tuesday, February 21, 2012
අපි කිසිදා හමු නොවුනා නම් ... ( 1 )
ජීවිතේ කොයි තරම් අමිහිරි අත්දැකීම් තිබ්බත් අපි හැමෝම ඒවා අමතක කරල ජීවිතේ සතුටින් ජීවත් වෙන්නයි හැමදාම හීන දකින්නෙ. කෙනෙක් හිතන පතන විදිය ඒ කෙනාගේ ජීවිතයට විශේශයි කියල ගොඩාක් අයට හිතෙනව හැමදාම , ඒත් තමන් හිතන පතන විදියටම හිතන පතන කෙනෙක් හම්බුනාම ඒ හමුවීම ගොඩ දෙනෙක්ට විශේශ දෙයක් වෙන්නෙ තමන් වගේම තව කෙනෙක් මේ ලෝකේ ඉන්නව නේද කියන කාරනාව ඔලුවට ආවම.
ඔබ , මම වගේ එදිනෙදා වේල හොයාගන්න පොරකාපු අජිත් ඒ වගේ එක සුන්දර සිහින දැකපු තරුනයෙක්. තමන්ටම කියල කීයක් හරි හම්බ කරගන්න විදියක් නැතුව එක එකා ලඟ බැලමෙහෙවරකම් කරපු අජිත් අද තමන්ගෙම කියල ත්‍රී රෝද රතයක අයිතිකාරයෙක්. සුපුරුදු අසුනට බරවෙලා ජීවිතේ ගැන මවපු සිහින එක එක දිගඇර විස්තර කරන්න කෙනෙක් ලඟ නැති අඩුව වගේම , අජිත් ගේ යාලුවෙක්ට ගෑනු ලමයෙක් සෙට් උනා කිව්වම අජිත්ට දැනුන සතුට වගේම අජිත්ගෙ හිත යට තිබුන දුක අජිත් ගේ ජීවිතයට ආදරය අහිමි දැයි කියන ප්‍රශ්නය අජිත් ඉස්සරහ දිගහරින දිගහරින වාරයක් ගානේ ඒ ප්‍රශ්නයෙන් මගහැර තම කල්පනාව වෙන අතකට ගෙනියන්න අජිත්ට හැකියාව තිබුනේ තමන් තමන්වමා රවට්ට ගන්න බව දැන දැනය .එහෙත්
ආදරය සොයා නොනිමි ගමනක් ආරම්බ කල අජිත් !
Subscribe to:
Posts (Atom)
About Me

- W.A.D. Joel Lennon
- සරල ජීවිතයට විරල ලෙස ආදරය කරන්නෙක් ... හැම දේම ඔන්ලයින් වෙන කාලෙක හුදෙකලාව රසවිඳින්නෙක් ..